තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානය පොරොන්දුවක් ඉටුකරයි

    ජපානය පොරොන්දුවක් ඉටුකරයි

    අමරිකානු ඩොලර් මිලියන 1.5 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර වර්ග තොගයක් ජපන් රජය ශ්‍රී ලංකාවට අද පරිත්‍යාග කළේය.

    එම ආහාර තොගය තුළ සහල්, පරිප්පු සහ තෙල් ඇතුළු ද්‍රව්‍ය ඇතුළත් වන අතර දිවයින පුරා විසිරී සිටින 15000ක් පමණ වන නාගරික හා ග්‍රාමීය ජනතාවටත් පාසල් සිසුන් 380000කටත් පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ආහාර තොගය භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බව ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    මානුෂීය සහයක් ලෙස මේ වසර මුලදී ජපාන රජය පොරොන්දු වූ ආහාර සහනාධාරයේ පළමු කොටස එලෙස අද ලබාදුන් බවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

    මේ වන විට ශ්‍රී ලංකාවේ මිලියන හයකට වැඩි ජනතාවක් එනම් ජනගහනයෙන් සියයට තිහකට පමණ ආසන්න පිරිසක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටින බව ද ජපාන තානාපති කාර්යාලය කියයි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂු කුශි මහතා එම ආහාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් සඳහන් කළේ ලෝක ආහාර වැඩපිළිවෙළ සතු කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇති අවශ්‍ය ආහාර සහනාධාර තොගයේ පළමු කොටස මෙලෙස භාරදීමට හැකිවීම සතුටට කරුණක් බව ය.

    උද්ගතවී ඇති ශ්‍රී ලංකා පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය තුළින් ශ්‍රී ලංකාවෙ ඇති වී තිබෙන ආහාර හිඟය සහ ආහාර මිල ඉහළ යාම මධ්‍යයේ දිවයින පුරා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිදු දැන්ද වතාවට එපා මෙම සහනාධාර උපකාරයක් වනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වරයා සඳහන් කළේ ය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img