තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආධුනික කොස්තාපල්වරියකට අතවර කලාට සෙවනගල ස්ථානාධිපති රිමාන්ඩ්

    ආධුනික කොස්තාපල්වරියකට අතවර කලාට සෙවනගල ස්ථානාධිපති රිමාන්ඩ්

    ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙවනගල පොලිස් ස්ථානාධිපතිවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය අධිකරණය අද නියෝගකර තිබේ.

    ඒ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කළ කරුණු දැක්වීම් හමුවේය.

    සෙවනගල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එම කොස්තාපල්වරිය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණි. ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු නිවාඩු ලැබ සැඟවී සිටියේය. ඒ තත්ත්වය මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම සිදුවීම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත්තේය. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත්කර තිබුණි. එම ඇප අයදුම සළකා බැලීමට නියමිතව තිබුණේ අද දිනයේදීය. එහිදී එම ඇප අයදුම ප්‍රතික්ෂේපකරමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝගකළ බව ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේය.

    මෙම විමර්ශන කටයුත්ත මෙහෙයනු ලැබුවේ ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය විසිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img