පාර්ලිමේන්තුවේ කාරක සභා කීපයක් සඳහා නව සාමාජික මන්ත්‍රීවරුන් නම් කිරීම අද සිදුවිය.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව සාමාජික මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නම් කෙරුණි.
තේරීම් කාරක සභාව විසින් තවත් මන්ත්‍රීවරයන් සිව් දෙනෙකු ඒ සඳහා නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
මේ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත ය.
• මහින්ද අමරවීර මහතා
• වජිර අබේවර්ධන මහතා
• තලතා අතුකෝරල මහත්මිය
• ඉරාන් වික්‍රමරත්න මහතා
මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
- (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා,
- එස්. බී. දිසානායක මහතා,
- පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,
- (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,
- මයන්ත දිසානායක මහතා,
- චාල්ස් නිර්මලනාදන් මහතා,
- කේ. සුජිත් සංජය පෙරේරා මහතා,
- සාගර කාරියවසම් මහතා
- යදාමිණි ගුණවර්ධන මහතා .
මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් පහත දැක්වේ.
• (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
• ඩිලාන් පෙරේරා මහතා
• ඩලස් අලහප්පෙරුම මහතා
• වාසුදේව නානායක්කාර මහතා
• කබීර් හෂීම් මහතා
• ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
• තලතා අතුකෝරල මහත්මිය
• කනක හේරත් මහතා
• විජිත බේරුගොඩ මහතා
• තාරක බාලසූරිය මහතා
• අනුරාධ ජයරත්න මහතා
• ජී. ජී. පොන්නම්බලම් මහතා
• හේෂා විතානගේ මහතා
• කෝකිලා ගුණවර්ධන මහත්මිය
• වීරසුමන වීරසිංහ මහතා
• සමන්ප්‍රිය හේරත් මහතා