තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් යතුරුපැදිය පෙරලී අත්අඩංගුවේ සිටි සැකකරු මරුට

    පොලිස් යතුරුපැදිය පෙරලී අත්අඩංගුවේ සිටි සැකකරු මරුට

    පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු විමර්ශන කටයුත්තක් සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී යතුරු පැදිය පෙරලීයාමෙන් සැකකරු මියගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

    මෙම අනතුර වී ඇත්තේ අද උදෑසන කිරිදිවැල පොලිස් බල ප්‍රදේශයේදීය.

    පොලීසිය පාර්ශවයෙන් කියැවෙන්නේ මාල කැඩීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 27 හැවරදි සැකකරුවෙක් ඊයේ සවස අත්අඩංගුවට ගත් බවය.

    ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවෙක් ගැන ඔහු කරුණු හෙළිකිරිම හේතුවෙන් අපරාධ විමර්ශණ අංශයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු එක්ව සැකකරුව සිරමැදිරියෙන් පිටතට ගෙන එම සැකකරුව සොයා ගමන්කර ඇත්තේ යතුරු පැදියක නැගීය.

    සැකකරුව යතුරුපැදියේ මැද තබාගෙන රැගෙන ගොස් ඇති බවත් සැකකරුට ආරක්ෂිත හිස් ආවරණ පවා තිබී නැති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනාද සිට ඇත්තේ සිවිල් ඇදුමිනි.

    විමර්ශණවලින් අනාවරණය වී ඇත්තේ මෙසේ සැකකරුව රැගෙන ගොස් ඇත්තේද පොලිස් නිලධාරියෙකුට අයත් පුද්ගලික යතුරු පැදියක නන්වාගෙන බවය.

    යතුරු පැදියක අනාරක්ෂිත ලෙස සැකකරුවෙක් රැගෙනයාම සහ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ගම්පහ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහතා පියවර ගෙන තිබේ.

    මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද අද දහවල් පැවති අතර පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුවෙමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    එහිදී මිය ගොස් සිටින සැකකරුට පහරදීමක් සිදුවී ඇති බවක් හෝ මරණයට හේතුව රිය අනතුර නොවන බවට තහවුරු වුවහොත් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img