තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිල්වලා ගඟේ ගසාගෙන ගිය සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

    නිල්වලා ගඟේ ගසාගෙන ගිය සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

    නිල්වලා ගඟේ උඩඇල්ල ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ගසාගෙන ගිය සිව් දෙනාගෙන් දෙනෙකුගේ සිරුරු අද හමුවී ඇත.

    ඒ නිවාසික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා කළ සෝදිසි මෙහෙයුමේදීය.

    එම සිරුරු හමුවී ඇත්තේ ඔවුන් ගිලි ගසාගෙන ගිය ස්ථානයට ආසන්නයෙන්ම ගඟ මැද පිහිටි වලක රැදී තිබියදී බව පිටබැද්දර පොලීසිය කියයි.

    මිදිගම පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන කණ්ඩායමක් ඊයේ පෝරුතොට පිහිටි සිය කර්මාන්ත ශාලාවේ සේවයකරන මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකට පැමිණ ඇති බව පොලීසිය කියයි. ඔවුන් පසුව සවස් යාමයේදී නිල්වලා ගඟේ දිය නෑමට ගොස් මෙසේ අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    දිය නෑමට 13 දෙනෙකුගේ කණ්ඩායමක් දියට බැස ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ගසාගෙන ගිය පිරිස 05කි. එහිදී එක් පුද්ගලයෙක් ඉවුරට පිහිනාගෙන විත් සිය ජීවිතය බේරාගෙන ඇතැයි පොලීසිය කියයි.

    මෙම පිරිස දියට බසින විට මත්පැන් පානයකර සිට ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඔවුන් දිය නෑමට ගඟට බැස ඇත්තේද තොටුපොලකින් නොවන බවත් එම ස්ථානය අනාරක්ෂිත ස්ථානයක් බවත් පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img