තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දොලවත්තගේ ගෙටයි උඩුකුඹුරගේ ජිප් දෙකටයි පහරදුන් 8ක් අල්ලයි

    දොලවත්තගේ ගෙටයි උඩුකුඹුරගේ ජිප් දෙකටයි පහරදුන් 8ක් අල්ලයි

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාගේ නිවසටත් සහ කුරුණෑගල දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතාගේ වාහන දෙකකටත් පහරදී හානි කළ සැකකරුවන් 08 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාගේ නිවසට පහරදී දේපොලවල හානි කර ඇත්තේ ඉකුත් මැයි 09 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් ඊයේ සැකකරුවන් 6 නෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීණ් විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා හෝමාගම සහ වැලිවිට ප්‍රදේශවල පදිචිරුකරුවන්ය. පොලීසිය පවසන්නේ ඔවුන් වයස අවුරුදු 19 සහ 29 යන වයස්වල පසුවන්නන් බවය.

    සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයාගේ ජිප් රථ දෙකකට පහරදීම සිදුව ඇත්තේ මැයි 10 වෙනිදාය.

    ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 02 දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසිනි.

    සැකකරුවන් වයස 26ත් 42ත් අතර පසුවන දරමිටිපොල හා පන්ලියද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img