අද දින ජනාධිපති සමාව මත නිදහස් වන හිටපු රාජ්‍ය අමාත්‍ය, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතා විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සදහා වන තානාපති ධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කර තිබේ.
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ලබාදුන් එම තනතුර ඔහු සතුටින් පිළිගෙන ඇත.
“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරකි.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහු ලබාගත් නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී ඇත.