හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තව විනාඪි 15ක් පමණ හිරෙන් නිදහස ලබා එළියට ඒමට නියමිතය.
මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිටින අතර පිටතට ඒමට ඔහුද සූදානම් වෙමින් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළේය.
බන්ධනාගාර සිරකරු ඇදුම් ඉවත්කර ඔහු මේ වන විට සාමාන්‍ය ඇදුමින් සැරසී සිටින අතර ඔහුව පිළිගැනීමට බන්ධනාගාර රෝහල ඉදිරිපිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු රැසක් රැදී සිටිති. ඒ අතර මනූෂ නානායක්කර අමාත්‍යවරයාද සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.