පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇති වූ පළමු අවස්ථාවේදීම රන්ජන් රාමනායක මහතාට පත් කරන බවට මුළු හදින්ම ප්‍රතිඥා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද දිනයේ නිදහස ලබා සිටින රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට ඒමටත් පෙරම විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ ඔහු බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් පැමිණි පසු ය.
මානව හිතවාදී මිනිසෙක් මෙන්ම, ජනතා නියෝජිතයෙක් වන රන්ජන් රාමනායක මහතා සිරගෙදරක දී හමුවන අවසන් දිනය අද වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ ඔහු රන්ජන් රාමනායක මහතා බැලීමට වැලිකඩට අද පෙරවරුවේ ගිය අවස්ථාවේදී ය.
පූර්ණ නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට නැවතත් ජනහිතකාමී ජනතාවාදී මෙහෙවර ඉටුකිරීමට ශක්තිය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ,ඕනෑම මොහොතක ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.