fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වහලය මත සූර්ය කෝෂ සංග්‍රාමය වහා කඩිනම් කරන්න

    වහලය මත සූර්ය කෝෂ සංග්‍රාමය වහා කඩිනම් කරන්න

    වහලය මත සූර්ය කෝෂ සවිකිරීමේ සංග්‍රාමය කඩිනම් කර 2025 වසර වනවිට mw 3000 ක ධාරිතාවයක් ජාතික පද්ධතියට එක් කිරීමට රජය වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු යැයි සුර්ය බල කර්මාන්ත සංගමයේ ප්‍රධාන ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා කොලඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    රටපුරා නිවාස විශාල සංඛ්‍යාවක සූර්යකෝෂ සවිකිරීමෙන් විදුලි අර්බුදයට කඩිනම් හා ලාභදායී විසඳුමක් ලැබෙන බව ද ලක්මාල් ප්‍රනාන්දු මහතා කීය.

    ආණ්ඩුව ඉකුත් 2016 වසරේ දී සූර්ය බල සංග්‍රාමය ආරම්භ කළ අතර එය කඩිනම් ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා කීය.

    සූර්ය තාපය හොඳින් ලැබෙන රටක් ලෙස ඉතා පහසුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි අතර එමඟින් එමගින් රටට වසර තුනකදී ඩොලර් බිලියන තුනක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව ද බවද හෙතෙම සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ මේ වන විට පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්නේ 35% ක පමණ ප්‍රමාණයක් වන අතර ඉන් සූර්ය කෝෂ ඇත්තේ 1%ක පමණ ප්‍රමාණයක් බව ද ලක්මාල් ප්‍රනාන්දු මහතා කීය.

    රට පුරා විදුලි භාවිතා කරන නිවාස ලක්ෂ 58ක් පමණ තිබෙන නමුත් සූර්ය කෝෂ සවිකර ඇත්තේ නිවාස 40,000ක තරම් සුළු ප්‍රමාණයක බවද ඔහු කීය.

    විදුලිබල හා බලශක්ති ඇමතිවරයාටත් ආණ්ඩුවටත් තම තම සංගමය ක්‍රියාත්මක කළ යුතු කඩිනම් යෝජනා මාලාවක් ලබා දී තිබෙන අතර එය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.