fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පූටින්ගේ සමීපතමයකුගේ දියණියක සැකසහිත ලෙස මරුට

    පූටින්ගේ සමීපතමයකුගේ දියණියක සැකසහිත ලෙස මරුට

    රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්ගේ සමීපතමයෙකු සහ රුසියාව යුක්‍රේන ආක්‍රමනයට දැඩි පක්ෂපාතීත්වයක් දැරූ ඇලක්සැන්ඩර් ඩුගින්ගේ දියණිය කාර් බෝම්බයකින් සැකසහිත ලෙස මරණයට පත්ව තිබේ.

    මරණයට පත් දර්යා ඩුගින් මොස්කව් හි සිය නිවස වෙත සිය රථය ධාවනය කරමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. වෘත්තියෙන් මාධ්‍යවේදිනයක් වන දර්යා සිය පියාගේ මතවලට සෘජුවම සහය පළකළ තැනැත්තියකි.

    ඊයේ රාත්‍රියේ පැවති උත්සවයකට සහභාගීවිමෙන් පසු දර්යා සහ ඇලෙක්සැන්ඩර් එක් රථයකින් ගමන් ගැනීමට නියමිතව තිබූ අතර අවසාන මොහොතේදී ඇලෙක්සැන්ඩර් වෙනත් රථයක ගමන් කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව මෙම බෝම්බය ඇලෙක්සැන්ඩර් ඉලක්ක කර සැලසුම්කරන ලද්දක් බවට සැකකරන අතර රුසියානු ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    ඇලෙක්සැන්ඩර් ඩුගින් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්ගේ ආධ්‍යාත්මික මාර්ගොපදේශක ලෙසද සලකනු ලබන අතර ඔහු රැසියානු බලය යලි ව්‍යාප්ත කිරීමත් යුක්‍රේනය රුසියාව විසින් අත්පත්කර ගතයුතු බවටත් මත පළකරන්නෙකි.

    මෙම තත්ත්වය හේතුවෙන්ම ඇලෙක්සැන්ඩර් හට ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීමක්ද සිදුකර ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.