අප්‍රිකානු කළාපයට බලපා ඇති දරුණු නියං තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයට සමාන ජනතාවක් දැඩි සාගතයකට මුහුණ දීමේ අවාදනමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුතරු අඟවයි.
වසර කීපයක සිට කෙන්යාව, සෝමාලියාව, ඉතියෝපියාවට නිසි ලෙස වැසි නොලැබීම හේතුවෙන් මෙම දරුණු නියං තත්ත්වය නිර්මාණය වී ඇත එය පසුගිය වසර 40ක කාලය තුලදී ඊසානදිග අප්‍රිකාව මුහුණ දුන් දරුණුතම නියං තත්ත්වය මෙයයි.
මීට පෙර කාලපයෙන් වාර්තා නොවූ දැරුණු නියං තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස විශාල වශයෙන් පශු සම්පත් විනාශයට පත්ව ඇත. ඒ අනුව ඊසාන දිග අප්‍රිකානු කළාපයේ ජනතාවගේ මූලික ජීවිකාව වූ ගව පාලනය මේවන විට සම්පූර්ණයෙන්ම අඩපන වී ඇත.
පවතින නියං තත්ත්වය හේතුවෙන් ගවයින් ඇතුළු සතුන් ලක්ෂණ ගණනක් මරණයට පත්ව ඇති අතරම කෘෂි කාර්මික කටයුතුද සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ. මෙම තත්ත්ව හේතුවෙන්ම ලක්ෂ එකොලහකට අධික ජනතාව ආහාර සහ ජලය සොයා සිය වාස භූමි හැරදාමා ගොස් ඇති බවද වාර්තාවේ.
ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්යක්ෂ ඩේවිඩ් බීස්ලි සිකුරාදා පැවසුවේ ඊසනදිග අප්‍රිකානු කළාපය පුරා පැතිර සාගතයෙන් පීඩාවට පත් ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ලෝකය දැන් ක්‍රියා කළ යුතු බවයි.
“මෙම නියං අර්බුදයේ අවසානයක් තවමත් පෙනෙන්නට නැත, එබැවින් ජීවිත බේරා ගැනීමට සහ මිනිසුන් සාගින්නෙන් පෙළීම නැවැත්වීමට අවශ්‍ය සම්පත් අප සපයා ගත යුතුය.” යනුවෙන්ද ඔහු පවසා තිබේ.
2022 ආරම්භයේදී, කෙන්යාව, සෝමාලියාව, ඉතියෝපියාව යන රටවල් තුන පුරා එක්කෝටි තිස් ලක්ෂයක ජනතාවක් සාගින්නෙන් පෙළෙන බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු ඇඟවූ අතර, දානපතියන් හට එම ජනතාවගේ කුසගින්න නිවීමට ඉදිරිපත් වන ලෙසද එහිදී ඉල්ලීමක් කරනු ලැබීය.
එහෙත් මෙම වසරේ මුල් භාගයේදී ආරම්භ වූ රුසියා යුක්රේන යුද ගැටුත් සමඟ අපෙක්ෂා කළ අරමුදල් ගලා එම් නතර වූ බවද සහන සේවකයින් පෙන්වා දෙයි. මේ අතර රුසියානු ආක්‍රමණය ගෝලීය ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාමට හේතු වූ අතර එමගින් ආධාර බෙදා හැරීම මිල අධික විය.
එමෙනම් වසරේ මැද භාගය වන විට, කෙන්යාවේ, ඉතියෝපියාවේ සහ සෝමාලියාවේ අපෙක්ෂා කළ වර්ෂාව නොලැබීඹත් සමඟ ආහාර හිඟයට පත්වූ ජනතාව කෝටි දෙකක් දක්වා ඉහළ යාම සිදුවිය.
මේ අතර ලෝක ආහාර වැඩසටහන පවසන්නේ සැප්තැම්බර් වන විට අවම වශයෙන් සාගතයෙන් පෙළෙන සංඛ්‍යාව කෝටි දෙකකට අධික වනු ඇති බවයි.
ඒ අනුව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන ආකාරයට ඊළඟ වැසි සමය අසාර්ථක වුවහොත් සාගතටය පත්වෙන පුද්ලගයින් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත් විශාල පිරිසක් දැඩි අවධානමකට පත්වීමට හැකියාව පවතී.
මේ අතර ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ ඉදිරි මාස හයක කාලය තුලදී සාගතයෙන් පළෙන ජනතාවට සහය වීමට ඇමරිකානු ඩොලර් මිලියන 418 ක් අවශ්‍ය බවයි.
පසුගිය මාසයේදී එක්සත් ජනපදය ඊසාන දිග අප්‍රිකාවේ සාගතය වළක්වා ගැනීම සඳහා හදිසි ආහාර සහ මන්දපෝෂණ වැලැක්වීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශයට පත් කළ අතර තවත් බොහෝ දේ කරන ලෙස අනෙකුත් රාජ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියේය.