පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ජාත්‍යන්තර පොලීසිය සමඟ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හරක් කටා මෙරටට රැගෙන ඒමට ලබන සතියේදී විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත යාමට නියමිතව ඇත.
එඒ සම්බන්ධයෙන් විදේශකටයුතු අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර අදහස් හුවමාරුවක්ද මේ වන විට සිදුව තිබේ.
හරක් කටාව අත්අඩංගුවට ගත් බව ඩුබායි බලධාරීන් මෙරටට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ ඊයේ සවසය.
ඒ අනුව කඩිනනමින් ලබන සතිය තුළ ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් කටයුතු යෙදෙමින් ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
ඔහුව රැගෙන ඒමට ඩුබායි බලා යන කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක්ද ඇතුලත් වනු ඇත.