තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කිසිම හේතුවක් නිසා ගොවීන් රස්තියාදු කරන්න එපා"

    “කිසිම හේතුවක් නිසා ගොවීන් රස්තියාදු කරන්න එපා”

    යල කන්නයේදී වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන්  කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ නෙතබන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට දැනුම් දී තිබේ.

    අත්පිට මුදලටම වී මිල දී ගැනීමට පියවර ගන්නා ලෙසත් කිසිම හේතුවක් නිසා ගොවීන් රස්තියාදු නොකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    යල කන්නයේ වී මිල දී ගැනීම් කටයුතු අද  (17)  සිට ඇරඹීමට වී අලෙවි මණ්ඩලය මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

    වී මිල දී ගැනීමට අදාල තෙත මැනිමේ උපකරණ,  කිරුම් උපකරණ යනාදී උපකරණ සියල්ලම කඩිනමින් සකස් කර ගන්නා ලෙස ද වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 07ක් තිබෙන අතර ඒ යටතේ වී ගබඩා 310ක් පවතී. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img