රැකියාවක් සදහා විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා ලබන සදුදා සිට විශේෂ කවුන්ටරයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විවෘත කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ පවතින දැඩි තදබදය හේතුවෙන් නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසට දිනයක් සහ අංකයක් වෙන්කර ගැනීමට මාස දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවේ.
හදිසි විදෙස්ගමන් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයන් එමගින් බලවත් අපහසුතාවකට පත් වන බැවින් ආගමන හා විගමන පාලකවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුව මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එළැඹෙන 22 වැනි දා සිට විශේෂ කවුළුව විවෘත කරන බවත්, ශ්‍රමිකයන් සදහා විදෙස්ගත වීමට අදාළ සියලු ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුවත්, පෞද්ගලික ව විදෙස්ගත වන්නන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලිපියක් සමග අනෙකුත් ලේඛණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවත් මෙම කවුළුවෙන් කඩිනමින් නව ගුවන්ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැපයේ.
ආගමන විගමන පාලකවරයාගේ බලතල ප්‍රකාර ව මෙම නව කවුළුව විවෘත කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.