තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එක් අයෙකුට මසක මූලික වියදම රු.12500ක්

    එක් අයෙකුට මසක මූලික වියදම රු.12500ක්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නවතම නිල දරිද්‍රතා රේඛා සටහනට අනුව එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 12,444කින් සිය අවම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට  හැකියාව පවති.

    මෙම සටහන සකස්කර ඇත්තේ 2022 ජූනි මාසයට අදාලවය.

    දිවයිනේ දිස්ත්‍රීක් සියල්ලක්ම ආවරණය වන පරිදි වෙන වෙනම මෙම සටහන සකස්කර ඇති අතර 12,444ක් ලෙස සැළකෙන්නේ මධ්‍ය අගයකි.

    නමුත් එම සංඛ්‍යා දත්ත සටහනට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයෙකුට මාසකට ජීවත්වීමට අවශ්‍ය අවම මුදල ලෙස සඳහන් වන්නේ රුපියල් 13,421කි. මෙම ලේඛනයට අනුව මාසයක් එක් පුද්ගලයෙකුට ජීවත්වීමට වැඩිම මුදලක් වැය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන්නන්ටය.

    අඩුම මුදලක් වැය වන්නේ යැයි ඊට අනුව පෙනී යන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන්නන්ටය. එම මුදල රුපියල් 11,899කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img