ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකු රැගෙන පැමිණි රුපියල් කෝටි 20ක් පමණ වටිනාකමක් ඇති රන් බිස්කට් කිලෝ 9යි ග්‍රෑම් 500ක් ගුවන් තොටුපොලින් පැන්නීමට උත්සහ දැරූ ගුවන්තොටුපොල තීරුබදු සාප්පු සංකීර්ණයේ සේවිකාවක් සමඟ ගුවන් මගියාව රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියා 39 වියැති නිට්ටඹුවේ පදිංචිකරුවෙකි.
මෙම ගුවන් මගියා විසින් රැගෙන පැමිණි රන් තොගය සඟවා තිබී ඇත්තේ ගමන් මල්ල තුළය. එයින් කොටසක් ගුවන්තොටුපොල සංකීර්ණයේදී ඔහු ගුවන්තොටුපොල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවට ලබාදී ඇත. ඇය එම රන් බිස්කට් සිය ගමන් මල්ලෙහි සඟවාගෙන ගුවන් මගියා සමඟ පිටතට එමින් සිටියදී රේගු පරීක්ෂාවට ලක්ව තිබේ.
ඔවුන් දෙදෙනා සතුව තිබී රන් බිස්කට් 80ක් සොයා ගෙන ඇති අතර ඒ එක් රන් බිස්කට් එකක බර ග්‍රෑම් 100කට වැඩි බරකින් යුක්තවන බව රෝගුව සඳහන් කරයි.