තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නන් 58ක් අලුතින් හඳුනාගනී

    ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නන් 58ක් අලුතින් හඳුනාගනී

    ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මෙරට තුළ අලුතින් හඳුනාගන්නා ලද සංවිධාන 3ක් සහ පුද්ගලයින් 55ක් පසුගියදා සිදුකරන ලද අසාදු ලේඛනගතකිරීමට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

    2014 වසරේ සිට පසුගිය 01 වැනිදා දක්වා කාලය තුළ ගැසට් නිවේදන 8ක් මගින් කරන ලද මෙවැනි සංවිධාන හා පුද්ගලයින් අසාදු ලේඛනගත කිරීම් සිදුකර ඇත.

    පසුගියදා සිදුකළ සංශෝධනයට අනුව එවැනි සංවිධාන 6ක් හා පුද්ගලයින් 316ක් ඉවත් කළ ද ඇතුළුව සංවිධාන 15ක් හා පුද්ගලයන් 316ක් ඊට ඇතුළත් කර තිබුණි.

    කෙසේවුවත් ආන්දෝලනයකට තුඩුදුන් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම පිළිබඳ මෙරටදී තහනම් කරන ලද සංවිධාන හා පුද්ගලයන් පිරිසක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලය පූර්ණ පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඒ එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම මෙන්ම ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ පසුබිම, ක්‍රියාවලිය හා පෙර තත්ත්වයන් පිළිබඳවයි.

    ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම පිළිබඳ චෝදනා ලැබූ මෙරට ක්‍රියාත්මක වූ සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමඟ එය සමාජය තුළ ආන්දෝලනයකට තුඩුදුන්නේ මේ වනවිට එම අවදානම බැහැර වී ඇතිදැයි විමසමිනි.

    ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එම ක්‍රියාවලියේ පූර්ණ පැහැදිලි කිරීම පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img