දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබු ව්‍යාපෘති 46කින් 21ක් එළෙඹෙන සතියේ දී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ගණනාවකට එළඹීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලිබල පනත සංශෝධනය නොකිරීම නිසා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇණහිට තිබුණි. එහෙත් විදුලිබල පනත සංශෝධනය වීම මගින් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන බව එම අමාත්‍යාංශය කියයි.
තවත් ව්‍යාපෘති 26ක් වෙනුවෙන් ලබා දුන් බලපත්‍ර අනුව විදුලිබල මණ්ඩලයේ පද්ධති පහසුකම් සහ සම්ප්‍රේෂණ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වේ.
අනෙකුත් අභිලාශ කැඳවීම්වල ඇගයීම් මාසයක් තුළ සම්පුර්ණ කිරීමට කටයුතු සාකච්ඡා කරන ලදි.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ හමුවක් ඊයේ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර පැවැත්විණි.
මන්නාරම ප්‍රදේශයේ මෙගා වොට් 286ක සහ පුනරින් ප්‍රදේශයේ මෙගා වොට් 234ක සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍ර ලබාදී ඇත.