තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙසැම්බරයේ සහල් හිඟයක්

    දෙසැම්බරයේ සහල් හිඟයක්

    මේවනවිට රට තුළ සහල් හිගයක් නොමැති වුවත් දෙසැම්බර් මස අවසානයේ රට තුළ යම් සහල් හිගයක් ඇතිවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    එයට මුහුණදීමට සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

    ඉකුත් ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05 කට වඩා ආනයනය කර ඇති බවද ඔහු සඳහන් කළා.

     මේ අතර වී අලෙවි මණ්ඩලය මගින් හෙට (17) සිට වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

    ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මිලකටත් මිලදී ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    එම වී සහල් බවට පත්කොට PMD සහල් නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. සම්බන්ද රජයට අයත් ආයතනයට භාරදීල මන්ත්‍රී තුමා තොරතුරු සභාපති සහ කාර්ය මණ්ඩලයේ අරගෙන නිකම් ඉන්න. හොරකම්, අල්ලස, කොමිස් ගහන්න නිකං අස්සේ රිංගල ඇති නැති දේවල් කියන්න නෙතුව ගොවින්ට පොහොර දෙන්න නැතිව අංගල තියාගෙන මොනවාද කරන්නේ.
      විදුලිය සහ ඉන්ධන වලට වෙච්ච දේ නැවත කෘෂිකර්මයට එපා. අත උස්සන්න පාර්ලිමේන්තුවට යන්න රට යථා තත්වයට එනකල්.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img