තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුවීමේ වාසිය දෙනවාද බලන්න රට පුරා වැටලීම්

    අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුවීමේ වාසිය දෙනවාද බලන්න රට පුරා වැටලීම්

    ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබෙනවා.

    වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කරන බවයි.

    විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට තොග වෙළඳුන්ට අවස්ථාව හිමි වුණා. 

    ඒ හරහා ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබුණා. එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි සොයා මෙලෙස වැටලීම් සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img