තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විෂය බාහිර වැඩ බෑ - අනිද්දා සිට සතියේ දින පහම ඉස්කෝලේ

    විෂය බාහිර වැඩ බෑ – අනිද්දා සිට සතියේ දින පහම ඉස්කෝලේ

    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා(15) දින සිට සතියේ දින පහම සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

    ඒ පාසල් පැවැත්වීම පිළිබදව අද(13) අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වී පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ද සම්බන්ධ කර ගනිමින් පැවති සාකච්ඡාවේදී ය.

    එම සාකච්ඡාවේචී රජය ගන්නා ලද තවත් තීරණ කිහිපයක් වේ.

    ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත එහිදී උපදෙස් ලබා දෙන ලදී.

    අනිද්දා(2022.08.15) දිනෙන් ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇත.

    ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img