තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද එන තෙල් නැව - QR නොතකන අයට ගන්න පියවර ඇමති කියයි

    අද එන තෙල් නැව – QR නොතකන අයට ගන්න පියවර ඇමති කියයි

    මෙට්‍රික්ටොන් 100,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අද රාත්‍රී කොළඹට පැමිණීමට නියමිත ය.

    හෙට එහි ප්‍රමිති කටයුතු සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

    තවත් මෙට්‍රික්ටොන් 120,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අගෝස්තු 23-29 අතර පැමිණීමට නියමිතය.

    මෙම නෞකා දෙකම රුසියානු යුරල්ස් බොරතෙල් වන අතර කඩිනමින් පිරිපහදුව ආරම්භ කිරීමට අපේක්ෂිත බවද සඳහන් කළේය.

    මේ අතර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද උදෑසන කොලොන්නාව ඛණිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේදී පවත්වන ලදි.

    මෙහිදී සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කිරීමත් එය පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදු කර ඇත.

    QR ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට උපදෙස් දුන් බව අමාත්‍යවරයා කියා සිටියි.

    එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර,කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව සාකච්ඡා කරන ලදි.

    මෙම බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඉන්දික අනුරුද්ධ, සුරේන් රාඝවන් සහ මදුර විතානගේ මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img