තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේදී බස් ගාස්තු තවත් අඩුවෙයි!

    ඉදිරියේදී බස් ගාස්තු තවත් අඩුවෙයි!

    ඉදිරියේදී තවදුරටත් බස් ගාස්තු පහල යනු ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ නොයනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

    එසේ වුවහොත් බස් ගාස්තු ද අඩු කිරීමේ හැකියාව පවතින බව හෙතෙම කියාසිටී.

    ඇතැම් තීරණ ගැනීමේදී විවිධ පාර්ශ්ව විරෝධය පළ කළද කාර්යක්ෂ්ම ප්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය තිබිම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

    බස්රථ ධාවනය ද නියාමනය කරමින් එමගින් මගීන් වඩ වඩාත් පොදු ප්‍රවාහනය කෙරෙහි ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img