උණවටුනේ ප්‍රසිිද්ධ දේවාලයක් පවත්වාගෙන යමින් බාලවයස්කාර පිරිමි දරුවන් සිය පහත් ලිංගික ආශාවන් මුදුන්පත්කර ගැනීමට යොදාගෙන එඒවා වීඩියෝගත කර විදේශිකයන්ට අලෙවි කළ බව කියන රටම දන්නා දේවගැතිවරයා සතුව තිබී ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවී ඇත.
ඒ ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එය බලපත්‍ර සහිත ගිනි අවියක් බවය. එම අවිය ඔහුට ලබාගැනීමට සහය වී ඇත්තේ පොලිස් ලොක්කෙක් බවටද තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබේ. දේවගැතිවරයාට පාතාලයෙන් තර්ජන ඇතැයි කියමින් මෙම ගිනි අවිය ඔහුට ලබාගැනීමට අවශ්‍ය පහසුකම් එම පොලිස් ලොක්කා විසින් සලකා ඇති බව සඳහන්ය.
මෙම දේවගැතිවරයා වයස අවුරුදු 44ක් වන දෙදරු පියෙකි. ඔහුගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක වෙස්ගත් ආරක්ෂකයින් 09 දෙනෙක්ද පැය 24 පුරා ආරක්ෂාව සපයමින් ඇතැයිද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඔහු ගමන් බිමන් යන විට ප්‍රභූ වරයෙක් මෙන් ඔහු ගමන් ගන්නා වාහනය ඉදිරිපස සහ පිටුපස ඩිපෙන්ඩර් රථ දෙකක් ගමන් කරන බවද පෙනී ගොස් තිබේ.
එම ඩිපෙන්ඩර් දෙකට අමතරව ඔහුට ගමන් බිමන් යාමට ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් සහ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථ දෙකක්ද ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඊට අමතරව නානකාමරයකින්ද සමන් විත සුඛෝපභෝගී බස් රථයක්ද ඔහු සතුව තිබී ඇත. පිරිමි දරුවන් අපයෝජනයට ලක්කිරීම් මෙම බස් රථය තුළද සිදුවී ඇති බව පෙනී ගොස් තිබේ.
කෝටි ගානක් වටිනා රන් භාණ්ඩ සිරුරෙහි පොරවාගෙන සිටින මෙම දේවගැතිවරයා දේවාලයක් පවත්වාගෙන යමින් හිටි හැටියේම ප්‍රකෝටිපතියෙක් වීමට පෙර පුද්ගලික ආයතනයක තුළී කම්කරුවෙක් ලෙසත් පෞද්ගලික රෝහලක සාත්තු සේවකයෙක් ලෙසත් කටයුතු කළ අයෙකි.
ඔහුගේ පියාගේ මරණින් පසු ඔහු සිය පියා වැසී ඇති බව පවසමින් සාත්තර කීමට පටන් ගෙන ඇති බවත් ක්‍රමයෛන් ඔහු ප්‍රචාරණ යාන්ත්‍රණයක් තුළින් ප්‍රසිද්ධියටපත්ව ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
මෙම පුද්ගලයා පිරිමි දරුවන් සමඟ ලිංගික කටයුතු වල නිරතවන වීඩියෝ පට රැසක්ම මේ වන විට පොලීසිය සොයාගෙන ඇත. එම දරුවන්ගෙන් 09 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගෙන ඒ අයගේ වීඩියෝ සාක්ෂිද සටහන්කර ගෙන තිබේ.