ඩුබායි හීදී අත්අඩංගුවට පත්ව ඇති නදුන් චින්තක නොහොත් හරක් කටා එරට රැදී සිට ඇත්තේ හේරත් දිසානායක රොෂාන් ඉසංක නමිනි.
මිදිගම පදිංචි මිය ගිය පුද්ගලයෙකුගේ නමින් හරක් කටා සිය මුහුණ යොදාගෙන සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් යොදාගෙන එසේ ඩුබායිහී නිදහසේ රැදී සිට ඇති බව අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා 1989 වසරේ උපන්නෙක 8911514107V දරණ ජාතික හැදුණුම්පත් ලාභියෙක් වන එම පුද්ගලයාගේ නමින් හරක් කටා සිය ඡායාරූපය යොදා සකස්කරගෙන ඇති විදේශ ගමන් බලපත්‍ර අංකය වනුයේ M 6692136වේ.
හරක් කටා මෙම අංකය දරන විදෙස් ගමන් බලපත්‍රය යොදාගෙන ඩුබායි සිට රටවල් රැසක සංචාරයකර ඇති බවත් ඉකුත් මාර්තු මාසයේදී ඔහු මාලදිවයිනට පැමිණ ඇති බවත් හෙළිවී තිබේ. හරක් කටා වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෙනී සිටින බව හෙළිවී ඇත්තේ එහිදීය.
මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින හරක් කටාව මුදා ගැනීමට නීතීඥ සමාගමක්ම පෙනී සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේය.