තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ උසස්පෙළ විභාගයට ඉන්න සිසුන්ගේ 80% බලන්නෙ නෑ

    මේ වසරේ උසස්පෙළ විභාගයට ඉන්න සිසුන්ගේ 80% බලන්නෙ නෑ

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ලබන(19) දින තෙක් දිර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අවසන් දිනය වශයෙන් 2022.08.12 ප්‍රකාශයට පත්කර තිබුණි.

    එමෙන්ම 2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට නියමිත සිසුන්ට 80% පැමිණීම සළකා නොබැලීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත පාසල් සිසුන් සඳහා අයදුම්පත් භාරගන්නා දිනය වන විට පාසල් පැවති දින ගණනින් 80% ක පැමිණීම සටහන් විය යුතු බව වක්‍රලේඛයක් මගින් දැනුවත් කර ඇත.

    නමුදු පසුගිය කාලසීමාව තුළ රටේ පැවති කොරෝනා ව්‍යසනය, ප්‍රවාහන අපහසුතා, ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන මේ වනවිටත් පවත්වාගෙන යන අතර එය තවත් පුළුල් කරමින් මෙතෙක් එක් ආහාර වේලක් සඳහා සිසුවෙකුට වෙන් කළ රුපියල් 30ක මුදල ප්‍රමාණවත් නොවේ.

    එබැවින් 2022.08.01 දින සිට එය රුපියල් 60 දක්වා වැඩිකර ඇත. මේ වන විට පාසල් 7920ක සිසුන් මිලියන 1.1 ක් එම ප්‍රතිලාභ ලබමින් සිටි.

    උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා 2017 වර්ෂයේ සිට පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක විය.

    එහි මුල් අදියර ලෙස ශිෂ්‍ය ශිෂාවන් 5000 ක් සඳහා පොළී රහිත ණය පහසුකම් ලබා දුන් අතර 2020 සිට එය 10000 දක්වා වැඩි කරන ලදි.

    මෙම ශිෂ්‍යන්ගේ උසස් අධ්‍යාපන කටයුතු මෙම වර්ෂයේදී සිදු කිරීම සඳහා තවදුරටත් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක්ද 2022.08.01 දින ඉදිරිපත්කර ඇත.

    අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම අදහස් පළ කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img