තවත්
    මුල් පිටුවspecialචීනයෙන් නව ඛනිජතෙල් නිධියක්  

    චීනයෙන් නව ඛනිජතෙල් නිධියක්  

    චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ‍ ටාරිම් ද්‍රෝණියේ  මීටර 8000 ක කැණීමකින් ඛණිජතෙල් හා ස්වභාවික ගෑස් ලබා ගැනීමට චීනයේ විශාලතම ඛනිජතෙල් පිරිපහදු සමාගම වන Sinopec සමාගම සමත් වෙයි.

    එම නිධියෙන් ඛනිජතෙල් ටොන් 244ක් හා ගෑස් කියුබික් මීටර නව ලක්ෂ හැත්තෑ දහසක් දෛනිකව ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. මෙහි දැනට ඉතා ගැඹුරු තෙල් ලිං 41ක් පවතී.

    චීනයේ සමස්ත ඛනිජ තෙල් හා ගෑස් මූලාශ්‍රයන්ගෙන් 34% ක් ඉතා ගැඹුරු සංචිතයන් වේ. නව ඛනිජ තෙල් හා ගෑස් සංචිත සොයාගැනීම චීනයේ බලශක්ති සැපයුම හා ජාතික බලශක්ති ආරක්ෂණය තවදුරටත් තහවුරු කර ගැනීමට උපකාරී වනු ඇත.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img