තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉහළ ගිය විදුලි බිලට අඩු ආදායම්ලාභීන්ට සහනයක්

    ඉහළ ගිය විදුලි බිලට අඩු ආදායම්ලාභීන්ට සහනයක්

    අඩු ආදායම්ලාභීන්ට ඉහළ දැමූ විදුලි බිල සම්බන්ධයෙන් සහනයක් සැලසීම පිළිබඳ රජයේ අවධානය යොමුවී තිබේ.

    ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත අයවැයේදී සහන ලැබියයුතු කණ්ඩායම්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සාකච්ඡා කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

    “විදුලි බිලේ වැඩිවීම පිළිබඳව අපි 29 වෙනිදා දිනක විවාදයක් ලබාදීලා තියෙනවා. ඊට අමතරව රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30,31,01,02 බොහෝදුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලකුත් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩුආදායම්ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතිනවා.” යැයි ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img