තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර ඇසළ පෙරහරේ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවයටත් මහ සෙනඟක්

    මහනුවර ඇසළ පෙරහරේ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවයටත් මහ සෙනඟක්

    කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර, නිකිණි පුර පසළොස්වක පොහෝ දා යෙදුණු ඊයේ(11) රාත්‍රියේ මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදීමෙන් අනතරුව සිදුකළ යුතු චාරිත්‍ර ගණනාවක් ඉටුකර අවසන් කර තිබේ.

    දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබු අවසන් මහ රන්දෝලිය වීදි සැරීමෙන් අනතුරුව රාත්‍රී 12.58ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබීය.

    අනතුරුව එම පිරිවර සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළේය.

    පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ මහවැලි ග‍‍ං නිම්නයේ දී සිව්මහා දේවාලවලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය.

    මේ අවස්ථාව දැකබලා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img