තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි නීතියට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවෙයි

    හදිසි නීතියට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවෙයි

    හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවා තිබේ.

    ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් එහි සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිණි පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් මේ පෙත්සම ගොනු කරන ලදී.

    නීතිඥ ආචාර්‍ය ගෙහාන් ගුණතිලක මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට තිබුණු පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක ඉල්ලා සිටියේ හදිසි නීතියට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ය.

    ඒ අනුව මෙම පෙත්සම ලබන සිකුරාදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img