තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩියෙන් මුදල් ගන්න බස් අල්ලන මෙහෙයුමක්

    වැඩියෙන් මුදල් ගන්න බස් අල්ලන මෙහෙයුමක්

    නියමිත මුදලට වඩා වැඩිපුර මුදල් අයකරනු ලබන බස්රථ සම්බන්ධයෙන් පරික්ෂාවට, ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    එමෙන්ම සංශෝධිත බස් ගාස්තු අද (9) සිට සියලුම බස්රථවල ප්‍රදර්ශනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    මේ වන තෙක් බොහෝ බස් රථවල සංශෝධිත මිල ගණන් නිසි ලෙස ප්‍රදර්ශනය නොකරන බවට පැමිණිලි ලැබී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    ඒ හේතුවෙන් අද දිනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම මිල ගණන් ප්‍රදර්ශන දැන්වීම් බස් රථවල ඇළවීම සිදු කරන බවද හෙතෙම පැවසීය.

    එමගින් මගී ජනතාවට තමන්ගේ ගමනාන්තයට අදාළ මිල ගණන් දැක ගැනීමට හැකියාව ලැබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img