කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතාගේ ඝාතකයාත් ගල්කිස්ස අධිකරණයේදී විශේෂ කාර්ය බලකා ඔත්තුකරුවෙකුට වෙඩි තැබීමත් එකම වෙඩික්කරුවෙකුගේ වැඩක් බවට සැකයක් මතුවී තිබේ.
එම වෙඩි තැබීම් දෙක සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන සමීප රූප මගින් කළ පරීක්ෂාවේදී මේ බව පෙනී ගොස් ඇත.
මෙම වෙඩි තැබීම් දෙක සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මේ වන විට රැස්කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව වැඩි කල් නොගොස් වෙඩික්කරුවා මෙන්ම ඊට ගෑවුණු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වනු ඇත.
එම මෙහයුම පාතාලයට එරෙහිව නව මෙහෙයුමක් බවට පත්වීමට බොහෝ විට ඉඩ ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.