තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලු දේශපාලන පක්ෂ හෙට මැතිවරණ කොමිසමට

    සියලු දේශපාලන පක්ෂ හෙට මැතිවරණ කොමිසමට

    මැතිවරණ නීතිරීති ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් හෙට (8) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

    මෙම සාකච්ඡාව හෙ⁣ට (8) පෙරවරු 10.00ට පැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

    මෙහිදී මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් යෝජනා කර ඇති කරුණු පිළිබඳව එකඟවීම පිළිබඳව මෙන්ම එකඟ නොවන කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇත.

    එහිදී එකඟවන කරුණු නීතියක් ලෙස ගෙන ඒම පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img