තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබය කෝප් ඇතුළු කාරකසභා සභාපති ධුර ඉල්ලයි

    සජබය කෝප් ඇතුළු කාරකසභා සභාපති ධුර ඉල්ලයි

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ මුදල් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කාරක සභාවල සභාපතිත්වය, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි සමගි ජන බල‍වේගය කථානායකවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

    පසුගියදා පැවැති පක්ෂ නායක රැස්විමකදී කතානායකවරයාට මේ බව දැනුම් දුන් බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

    පෙර පැවැති සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට ලබාදීම සඳහා කතානායකවරයා සිය එකඟතාව පළ කර ඇතැයි ද මහලේකම්වරයා සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග මේ වනවිට අහෝසි වී  ඇති පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා සංඛ්‍යාව 11 කි.

    09 වන පාර්ලිමේන්තුවේ 03වන සැසිවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ මුදල් කාරක සභාව ඇතුළු කාරක සභාවලට නව සාමාජිකයින් කඩිනමින් පත් කිරීම පිළිබඳව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි පක්ෂ නායකයින් දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img