තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩලස් - චරිත - නවසීලන්ත මහකොමසාරිස් විශේෂ සාකච්ඡාවක

    ඩලස් – චරිත – නවසීලන්ත මහකොමසාරිස් විශේෂ සාකච්ඡාවක

    නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ චරිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    අද මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පිහිටි නවසීලන්ත මහකොමසාරිස් කාර්‍යාලයේදීය.

    එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටී.

    “සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ අභ්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරන ලදී.” යනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් මෙම හමුව පිළිබදව කියාසිටියේ ය.

    “ජනාධිපතිවරණය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ වීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මෙහිදී අපි සාකච්ඡා කළෙමු.” යැයි මෙම හමුව පිළිබද නවසීලන්ත මහකොමසාරිස්වරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img