තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයම බලාගෙන සිටි නැන්සි තායිවානයට ගොඩබසී

    ලෝකයම බලාගෙන සිටි නැන්සි තායිවානයට ගොඩබසී

    චීනයේ දඩි තර්ජන මැද ලෝකයේ අවදානය දිනා ගනිමින් ඇමරිකාන කතානායිකා නැන්සි පෙලොසි තායිවානයේ තායිවානය ගොඩ බැස තිබේ.
    ඒ අනුව මෙය ඇමරිකා එක්සත් ජනපද කතානායකවරයෙකු වසර 25කට පසු තායිවානයේ සිදු කළ පළමු සංචාරය බවට මෙය පත්ව ඇත.

    කතානායිකවරයි එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ගුවන්යානයකින් මෙලෙස තායිවානයට පැමිණි අතර ඇයව තායිවාන විදේශ අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    මෙහිදී ඇය පවසා ඇත්තේ ඇමරිකානු දුත පිරිස තායිවානයේ සංචාරය කිරීම එරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහය දැක්වීම සනිටුහන් කරනු ඇති බවයි.

    මේ අතර ඇමරිකානු කතානායිකාව තායිවානයට පැමිණීමට පෙර තායිවාන ගුවන් සීමාවට ඉතා ආසන්නයෙන් චීන ප්‍රහාරක යානා පියාසර කළ අතරම චීන නායකයින් විසින් මෙම සංචාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද කර තබිණි.

    එහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු දේශපාලඥයින් ගින්දරත් සමඟ සෙල්ලම් කරන බවයි.

    කෙසේ වෙතත් 82 හැවරිදි වියේ පසුවන පෙලොසි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉතා සමීපතමයෙකු වන අතර ඇය තායිවානයට ලඟවීමට පෙර ඇමරිකාන නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන යූ. එස්. එස් රොනඩල් රේගන් සහ තවත් යුධ නෞකා තායිවානයයේ නැගෙනහිරින් ස්ථානගත කිරීමට එක්සත් ජනපදය පියවරගෙන තිබිණි.

    මෙම සංචාරයට මුළු ලෝකයේම අවදානය යොමුව ඇති අතර එය ගෝලීය බලතුලනයට දැඩි බලපෑමක් එල්ල කිරීමට විශාල හැකියාවක් පවතී

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img