තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදිගේ හිතේ අගමැති දිනේෂ් ගැන බලාපොරොත්තුවක්

    මෝදිගේ හිතේ අගමැති දිනේෂ් ගැන බලාපොරොත්තුවක්

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    ” ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක දී ඔබ අග්‍රාමාත්‍ය ධූරයට පත් වී ඇත. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශ්වාස මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස, අපගේ ‘අසල්වැසියා පළමුව’ ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව මම ඔබට සහතික වීමට කැමැත්තෙමි.

    වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාර සබඳතා මත පදනම්ව අපගේ ආදර්ශමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ”

    Sri Lanka PM
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img