පාර්ලිමේන්තු ඡන්දයකින් පත්කරගන්නා ලද ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10ට රැස්වීමට නියමිතයි.
එහිදී මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට අපේක්ෂා කෙරේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතාද අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.
ඒ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ ආසනය වෙනුවෙනි.