ගාලුුමුවදොර සමාකාමී විරෝධතාකරුවන්ට පහරදීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලය පවසයි.
ජනාධිපති ලේකම්කාර්යාලය අසල පිහටි ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගම පරිශ්‍රයේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් අද (22) දින එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විශේෂ ප්‍රකාශක් කරමින් මේ බව සඳහන් කළේය.
සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ පහරදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවද ජගත් මානව හිමිකම් කවුන්සලය වෙනුවෙන් එහි ප්‍රකාශක ජෙරමි ලෝරන්ස ප්‍රකාශ කළේය.
විරෝධතාකරුවන් ව ජනාධිපති ලේකම්කාර්යාලයෙන් ඉවත් වීමට සූදානම් බවට ප්‍රකාශ කිරීමෙන් පසු මෙලෙස පහරදීම දැඩි ලෙස හෙලා දකින බවද ජගත් මානව හිමිකම් සංවිධානය සඳහන් කළේය.
මාධ්‍යවේදීන්ට, නීතීඥයින්ට සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට පෙළපාලි නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට අයිතියක් ඇති ෙ එහිදී එම කාර්යන්වන වල නිතරවන එවැනි තැනැත්තන්ට ආරක්ෂාව සැලසීමත් ඔවුන්ගේ රාජකාරියට බාධා නොකළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර විරෝධතාකරුවන්ගේ කඳවුරු වැටලීම මගින් ඔවුන්ට අනතුරු ඇඟවීමක් කර ඇති බවත් එය තමන් දැඩි ලෙස කනස්සල පළකරන බවද ලෝරනස් එහිදී පෙන්වා දී ඇත.
ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් තම ජීවනෝපාය ස කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සාමකාමීව විරෝධය පළකිරීඹට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇති බවද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුද බලහත්කාරයෙන් විසඳිය නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසය යළි ගොඩනැංවීම ආරම්භ කළ හැක්කේ පුළුල් උපදේශන සහ සංවාදයකින් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සැබෑ ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නව ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.