ගුවන් තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධව සිටින ජපානයේ තෙයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙක් අල්ලස් ඉල්ලා ඇතැයිදැයි කියා සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙක් වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන්ය.
ජපානයේ තයිසේ සමාගමෙන් කැබැනට් අමාත්‍යවරයෙක් අල්ලස් ඉල්ලූබවට සමාජ මාධ්‍ය ජාල ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හී පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණු පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද ඉල්ලීමක් කෙරෙහි අවධානය යොමුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ත්‍රී පුද්ගල කමිටුව පත්කර තිබේ.
ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම්දී ඇත්තේ ජූලි 31 දිනට පෙර පරීක්ෂණ වාර්තාව තමා වෙත ලබාදෙන ලෙසයි.