තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව ජනපතිට චීන ජනපතිගේ සහය පළවේ

    නව ජනපතිට චීන ජනපතිගේ සහය පළවේ

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ ප්‍රාර්ථනා කරයි.

    චීන ජනාධිපතිවරයා අද (22) තම සුබපැතුම් පණිවිඩය යොමු කර තිබේ.

    චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර රටවල් දෙකකි. ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර ‍ගත වූ වසර 65 තුළ චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, යහපත හා සමානත්මතාව පදනම් කරගෙන එම සබඳතාව අඛණ්ඩව වර්ධනය කර ඇතැයි ෂී ජින් පිං මහතා එම සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තාවකාලික දුෂ්කරතා මැඩපවත්වමින්, ආර්ථික හා සමාජයීය පුනරුත්ථාපනය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවට චීන ජනාධිපතිවරයා සිය විශ්වාස පළ කරයි. චීනය, ශ්‍රී ලංකාව සමග පවතින සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් උපරිම සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී. චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වය හා දේශපාලන විශ්වාසය තහවුරු කරමින් ද්විපාර්ශ්වික උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img