තවත්

    තවත් නැවක් එයි

    ඉන්ධන තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ(21) මෙරටට පැමිණ තිබේ.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත බවයි.

    අදාළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණවලින් අනතුරුව එම බෙදාහැරීම් සිදුකෙරේ.

    මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා වන අංක තහඩුවේ ඉලක්කම් ක්‍රමය සහ QR කෝටා ක්‍රමය බලාත්මකව පවතින බවත් අමාත්‍යවරයා කියයි.

    ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් වන QR කේත පරීක්ෂාව සහ ලියාපදිංචිය දිගට ම සිදු කරමින් පවතින බවත් මේ වනවිට ඒ සඳහා ලක්ෂ 30කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවත් සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img