තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මට අගමැති තෝරන්න බෑ" - නව ජනපති කියයි

    “මට අගමැති තෝරන්න බෑ” – නව ජනපති කියයි

    ව්‍යස්ථාව අනුව අගමැතිවරයා යනු පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය තිබෙන අයකු බවත් තම පක්ෂයේ සිටින්නේ තමා පමණක් බැවින් එය තමාට තෝරාගැනීම සිදුකළ නොහැකි බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන්‌ අනතුරුව පිටතට පැණෙමින් සිටියදී, ‘මීළඟ අගමැතිවරයා කවුද?’ යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දැක්වූ පාර්ලිමේන්තුවෙන්‌ තේරීපත්වූ නව ජනපති රනිල්‌ වික්‍රමසිංහ මහතා අරගලය පිළිබඳවද සිය අදහස් දැක්වූයේ මෙසේය.

    “මගේ බලාපොරොත්තුව, මේ රටේ තියෙන, පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන විවිධ පක්ෂ එක්ක සහයෝගයෙන්‌ වැඩකටයුතු කරන එක. රටේ ජනතාව අපෙන්‌ අහන්නේ මේ කාලේ ඇයි අපිට එකට වැඩකරලා රට දියුණු කරන්න බැරි කියලා. අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ අන්තිමට රට නැති කරන්න ද? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා.ඒක වැදගත්‌ ප්‍රශ්නයක්‌, මමත්‌ ඒ ගැන හිතලා බලලා තියෙනවා. එහෙනම්‌ අපි මේ ක්‍රමය වෙනස්‌ කරලා ඒ තරුණ අදහස්‌වලට ඇහුම්කන්‌ දෙන්න ඕන.

    අරගලය කිව්වේ ඇත්ත වශයෙන්ම, අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනයන අරගලයක්‌. මේක හැම අංශයෙන්ම වෙනස්‌ කරන්න කියලා. ඒ නිසා සාමකාමී අදහස්‌ දරණ අයට ඒ අදහස් ප්‍රචාරය කරන්න අපි ඉඩදෙන්න ඕන, ඒවගේම අපිටත්‌ පුළුවන්‌ ඒවාට පිළිතුරු දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත්‌ අපි පිළිගන්න ඕන. ඒත්‌ මේක මුවාවෙන්‌ ආණ්ඩුවක්‌ පෙරළන්න, ගෙවල්‌ ගිනිතියන්න, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒක නීතියට විරුද්ධයි. එහම නීතියට විරුද්ධ අයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. අරගලය කියලා තරුණයන්ට අනාගතයක්‌ හදන්න ඕන නම්‌ මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස්‌ ප්‍රකාශ කරන්න තව වේදිකාවක්‌ හරි මම හදලා දෙන්නම්‌.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img