අද පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බවට පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK) පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් මහතා ද වැඩබලන ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කර ඇත.
ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානයේ, සජබයේ සහ ශ්‍රීලනිප තීරණය කර තිබියදීත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසය ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසා තිබුණි.