අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයකු තෝරාපත්කරගැනීම සඳහා එම ධුරය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නාමයෝජනා දැන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වන අතර එය ස්ථිර කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජීඑල් පීරිස් මහතා විසිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. එය ස්ථිර කරන ලද්දේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසිනි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම, ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා විසින් යෝජනා කළ අතර එම පක්ෂයේ හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්ථිර කරන ලදී.
හෙට දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතය.