හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරිව ඇති එම ධුර කාලය වෙනුවෙන් නව ජනාධිපතිවරයකු ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව ඔස්සේ තෝරා පත්කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම අද (19) දිනයේ පෙරවරු 10.00ට මැතිසබය රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එම නාමයෝජනා කැඳවීම සිදුකිරීමට නියමිත ය.
නව ජනාධිපතිධූරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාම යෝජනා භාරදෙන බවට මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.