තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සර්ව පාක්ෂික ආණ්ඩුවට අගමැතිවරයෙක් නම් කරන්න - රනිල් දන්වයි

    සර්ව පාක්ෂික ආණ්ඩුවට අගමැතිවරයෙක් නම් කරන්න – රනිල් දන්වයි

    සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

    අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත ය.

    පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

    කෙසේවෙතත් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ද තීරණය වී ඇත්තේ අගමැතිවරයාද සිය ධුරයෙන් ඉවත් විය යුතු බවය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img