ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (13) දිනයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
එම ලිපිය ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා ප්‍රකාශ කළේය.
තමන් අද (13) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා කතානායකවරයාට දැනුම් දෙනු ලැබීය.
ජනාධිපතිවරයා මේ වනවිට මාලදිවයිනේ රැඳී සිටින අතර ඔහු මේ වනතුරුත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙතට යොමුකර නැත.
අද (13)දිනයේ ධුරයෙන් ඉවත් වන බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගිය 9 වැනිදා කථානායකවරයාට දැනුම් දී තිබිණ.
මේ අතර ජනාධිපතිවරයා රටින් පිටව ගොස් ඇති බැවින් සිය රාජකාරි කටයුතු අගමැතිවරයා වෙත පැවරූ බවට තමාට දැන්වූයේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.