තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති තෝරන තරඟයට ශ්‍රීලනිපය නෑ

    ජනපති තෝරන තරඟයට ශ්‍රීලනිපය නෑ

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ තරඟයට සිය පක්ෂය ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

    එහිදී පාර්ලිමේන්තුවේ ඇතිවන තත්ත්වය දෙස බලා ඉදිරි තීරණ ගන්නා බව ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වෙයි.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීමට සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේය. 

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එකඟතාව පල කර ඇති බව මීට පෙර වාර්තා විය.

    ඒ අනුව හිස්වන අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කර ගැනීමට එහිදී යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img